Wednesday, May 8, 2024

General line - 0115112241

වැසි තත්ත්වයේ වැඩි වීමක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්




ලබන සෙනසුරාදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත් ඒ අතරින් ප්‍රධානයි.

ඌව පළාතේත් පොළොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්ක වලටත් වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණ යන පළාත් වලට ද රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩක් ඇති බව ද එම නිවේදනයේ සඳහන්.