Wednesday, May 8, 2024

General line - 0115112241

ලෝකය කොවිඩ් අවදානමෙන් මිදෙයි




කොවිඩ් 19 වෛරසය තව දුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවනු ඇති බව තම විශ්වාසය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබියේසස් පවසනවා.

ඔහු පවසා ඇත්තේ ලබන වසරේ දී කොවිඩ් 19 ප්‍රබල අර්බුදයක් නොවනු ඇති බවයි. 


කොවිඩ් 19 වෛසරය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 2020 වසරේදීයි.

පසුව එය ගෝලීය වසංගතයක් බවට පත් වුණා. කොවිඩ් හේතුවෙන් ලෝකයට අහිමි වී ගිය මිනිස් ජීවිත ගණන මිලියන 6යි දශම 6කට අධිකයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ චීනය තුළ කොවිඩ් ව්‍යාප්තිය පැවතුනද ලොව සෙසු රටවල තත්ත්වය ඊට වඩා වෙනස් බවයි. 

කොවිඩ් එන්නත් ලබා නොගත් විශාල පිරිසක් තව දුරටත් ලොව තුළ සිටින බැවින් කොවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා තවත් විශාල වැඩ කොටසක් සිදු කිරීමට ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයයි.