Tuesday, May 7, 2024

General line - 0115112241

පශු සම්පත් කේෂ්ත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට යයි




මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ, ශ්‍රී ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රය තුළ වර්තමානයේ පවතින බිඳ වැටීම සැලකිල්ලට ගනිමින්. 


විශේෂයෙන් වර්තමානයේ දී සත්ව ආහාර හිඟය මත රට තුළ ඇතිව තිබෙන කිරි, බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යාම සහ නිෂ්පාදනය අඩාල වීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ප්‍රධාන කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ප්‍රධාන ආයතන දෙක වන මිල්කෝ සමාගම සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය එකම ආයතනයක් බවට පත් කරනු ඇතියි.

එම ආයතන දෙකම එක් සභාපතිවරයෙක් සහ එක් අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යාමටයි අවධානය යොමු කර ඇත්තේ.

එමෙන්ම එම ආයතන දෙකේ සත්ව ගොවිපලවල් ඒකාබද්ධ කර, දියර  කිරි, බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය ඉහළ නැංවීමටත් අරමුණයි.


මේ අතර සහල් ආනයනය නතර කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙලෙස අදහස් පළ කළා.


ඔහු මෙම අදහස් පළ කළේ ජාතික ගොවිජන එකමුතුව සමඟ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය අමතමින්.