Friday, May 10, 2024

General line - 0115112241

දුමින්දට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගයට දින නියම කෙරේ




භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පොදු සමාව පිරිනමා නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් පෙබරවාරි මස 07 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.

ඒ, පෙත්සම් අද ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වර ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා.