Friday, May 3, 2024

General line - 0115112241

ඩොලර් බිලියන 100 ක රෙදි අපනයනයට ඉන්දියාවෙන් ඉලක්කයක්




වර්ෂ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 100 ක අපනයන ඉලක්කය සපුරා ගැනීමට ඉන්දීය රෙදිපිළි කර්මාන්තය සූදානම් කරමින් ඇති බව වාර්තාවනවා.

ඉන්දීය වාණිජ හා රෙදිපිළි අමාත්‍ය පියුෂ් ගෝයල් වාරානාසි හි රෙදිපිළි කර්මාන්තයේ නිරත පිරිස් සමඟ පැවති සාකච්ඡාවකින් පසු පැවසූයේ වාරානාසිහි කාෂි සහ තමිල්නාඩුව මෙහිදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි.

කෘෂිකර්මාන්තයෙන් පසු ඉන්දියාවේ  විශාලතම රැකියා අවස්ථා නිර්මාපකයා රෙදිපිළි කර්මාන්තයයි. 

මෙහිදී විවිධ රටවල් සමඟ ඇති නිදහස් වෙළඳ ගිවිසුම (FTA) හරහා ඉන්දියානු රෙදිපිළි සඳහා තීරුබදු රහිත ප්‍රවේශයක් ලබා ගැනීමට ද සැලසුම් කර ඇති බව සදහන්. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඔස්ට්‍රේලියාව සමග වන රෙදිපිළි වෙළෙද ගනුදෙනු විශාල ලෙස පුලුල් කිරීමට ද ඉන්දියාව සැලසුම් කර තිබෙනවා.

මේ වන වි‍ට ඉන්දියාව ලොව රෙදිපිළි කර්මාන්තය අතින් තුන්වන ස්ථානයේ සිටින අතර ඉක්මනින් අංක දෙක බවට පත්වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.