Monday, April 29, 2024

General line - 0115112241

වෙළඳපොලේ බිත්තර හිඟයක් තවදුරටත්




වෙළඳපොලේ තවදුරටත් බිත්තර හිඟයක් පවතිනවා. නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල එලෙස බිත්තර හිඟයක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය පෙබරවාරි මස 06 වනදා දක්වා අත්හිටුවීමට අභියාචනාධිකරණය නියෝග කිරීමත් සමඟ බිත්තර මිල ඉහළ යාමයි.

ඒ අනුව බිත්තරයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 55 ත් 60 ත් අතර මිලකටයි. කෙසේවෙතත් විවිධ මිල ගණන් යටතේ බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් දැක්වූයේ මෙවන් අදහසක්.

මේ අතර උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 05 ක මිල ගණන් අඩුකළ බව ලංකා සතොස පවසනවා.

ඒ අනුව බී ලූණු කිලෝ ග්‍රෑමයක් රුපියල් 185 කටත්, රතු පරිප්පු කිලෝ ග්‍රෑමයක් රුපියල් 378 කටත්, මිරිස් කිලෝ ග්‍රෑමයක් රුපියල් 1,780 කටත්, හාල්මැස්සන් කිලෝ ග්‍රෑමයක් රුපියල් 1,100 ක මුදලකටත්, ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 480 කටත් මිලදී ගත හැකි බවයි ලංකා සතොස පැවසුවේ.

මේ අතර නත්තල් දිනයදා සුරාසැල් වසාතැබුණද හෝටල් සහ අවන්හල්වල එදින මත්පැන් ආලෙවි කළ හැකි බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.