Monday, April 29, 2024

General line - 0115112241

එප්පාවලදී පැහැරගත් දරුවා ගැන, හෝඩුවාවක්




එප්පාවල, කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේදී පැහැරගත් දරුවා මාතලේ සහ උකුවෙළ ප්‍රදේශවලට රැගෙන ගොස් ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලීසිය පවසනවා.

සැකකරු විසින් ඔහුගේ සහෝදරයාගේ සහ සහෝදරියගේ නිවෙස් වෙත වයස අවුරුදු 09 ක් වන එම පිරිමි දරුවා ත්‍රීරෝද රථයකින් රැගෙන ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.

පෑස්සුම්කරුවෙකු වන සැකකරු සහ එම පිරිමි දරුවා අතර පැවති සබඳතා සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළේ මෙලෙසයි.