Monday, April 29, 2024

General line - 0115112241

එප්පාවල අතුරුදන් වූ දරුවා සොයා ගැනේ




දින කිහිපයකට පෙර අතුරුදන්ව සිටි එප්පාවල, කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේදී දරුවා පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ වතු නිවාසයක සිටියදී එම දරුවා සොයා ගත් බවයි.

වයස අවුරුදු 09 ක් වන එම පිරිමි දරුවා රැගෙන ගිය බව කියන සැකකරුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම නිවසේ තිබී දරුවා රැගෙන යාමට යොදා ගත් ත්‍රීරෝද රථයද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.