Monday, April 29, 2024

General line - 0115112241

ඉදිරි පැය 48 ගැන කාලගුණයෙන් නිවේදනයක්




නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර 370ක් ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත්.