Monday, April 29, 2024

General line - 0115112241

සෞඛ්‍යයේ තවත් පිරිසක් රටහැර යන ලකුණු




කීට විද්‍යා පර්යේෂණ සඳහා අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණයෙන් සියයට 10 ක පමණ පුරප්පාඩු පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක පැවසුවේ පවතින ආර්ථික ගැටළු හේතුවෙන් දැනට සිටින කීට විද්‍යා නිලධාරින් ද රට හැර යන තත්ත්වයක් දක්නට ලැබන බවයි. 

මේ අතර ක්ෂේත්‍ර රාජකාරී සඳහා පැමිණෙන කීට විද්‍යා නිලධාරීන්ට ඇතැම් පුද්ගලයිනගෙන් බාධා එල්ල වන බව ද සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක මෙහිදී කියා සිටියා. 

පවතින ආර්ථික අර්බුද හමුවේ වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් රට හැර යන බවට ඉකුත් දිනවල වාර්තා වුණා.