Monday, April 29, 2024

General line - 0115112241

කඳුකර කොටීන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න නියමු ව්‍යාපෘතියක්




විවිධ පුද්ගලයන් විසින් අටවන ලද මදු හා උගුල්වලින් කඳුකර කොටීන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව ආරක්ෂිත දැලක් අත්හදා බලා තිබෙනවා. ඒ, නුවර එළිය ගැල්වෙස්ටන් වතුයායේදීයි.

ඉකුත් සමයේ අටවන ලද මදු හා උගුල් වලට හසු වූ කඳුකර කොටි බේරා ගැනීමට යාමේදී එම සතුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට නොහැකි වුණා. ඊට හේතු වූයේ උගුල් වලට හසු වීමේදී එම සතුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම නිසා වනජීවී නිළධාරීන්ට ප්‍රහාර එල්ල කිරීමයි.

මෙම වසරේ ගත වූ කාලය තුළ මිනිසුන් විසින් අටවන ලද මදු වලට හසු වීමෙන් කඳුකර කොටි 6 දෙනෙකු මරණයට පත් වූ බවයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පැවසූවේ. තවත් කොටීන් පස් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට පොලිස් නිළධාරීන්ට හැකි වුණා. 

2001 සිට 2021 දක්වා කාලය තුළ මෙරට කොටි 145ක් මරා දමා තිබෙනවා. ඉන් සියයට 71ක්ම වාර්තා වුණේ මධ්‍යම කඳුකරයෙන්. ශ්‍රී ලංකාවේ කොටි ගහණය 600ක් පමණ වන බවද වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.