Saturday, May 4, 2024

General line - 0115112241

චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ගැන ඉන්දියාව අවධානයෙන්




චීනය තුළ සීග්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක Arindam Bagchi පැවසුවේ ලෝකයේ ඔසුසල ලෙස සෑමවිටම අනෙකුත් රටවලට සහය දක්වන ඉන්දියාව, චීනයේ තත්ත්වය සම්බන්ධයෙන් ද අවධානයෙන් පසුවන බවයි.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඉන්දියාව මෙතෙක් සංචාරක උපදෙස් පනවා නොමැති වුවත්, ජනතාව තමන් ජීවත් වන රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව ද ඔහු සදහන් කළා.

චීනය තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය කලාපයට දැඩි තර්ජනයක් එල්ල කර තිබෙනවා.

සෞඛ්‍ය බලධාරීන් පුරෝකථනය කර ඇති පරිදි මෙවර චීනය තුළ ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා රැල්ල පාලනය කිරීමට එරට රජය අපොහොසත් වුවහොත් පුද්ගලයින් මිලියන 2 කට අධික පිරිසක් මිය යනු ඇති.

චීනය එකවර සිය කොරෝනා රෙගුලාසි ඉවත් කිරීම හා එලෙස රෙගුලාසි ඉවත් කිරිමෙන් අනතුරුව ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් චීන රජයට සැලසුම් නොතිබීම චීනය මෙම තත්ත්වයට මුහුණ පෑමට ප්‍රධාන වශයෙන් හේතු වූ බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා.