Saturday, May 11, 2024

General line - 0115112241

දේශගුණික විපර්යාස ගැටලුවේදී ටිබෙට් ගැන විශේෂ අවධානයක්




ගෝලීය දේශගුණික විපර්යාසය පිළිබද සාකච්ඡාවේ දී හිමාලය සහ  ටිබෙට් සානුව කලාපයේ ගැටලු විසඳීම කෙරෙහි විශේෂ  අවධානයක්  යොමු කළ යුතු බවට අවධාරණය කර තිබෙනවා.
    
ඒ ලන්ඩනය පදනම් කරගත් සංවිධානයක්  වන යුරෝපා ආසියා පදනම විසින්.

දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡාවලදී මෙම ප්‍රදේශ බොහෝ විට දුරස්ථ වී ඇති බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.

ගෝලීය ජනගහනයෙන් පහෙන් එකක් පමණ කලාපය තුළ වාසය කළද කලාපයේ වෙනස් වන දේශගුණික තත්ත්වයන් කෙරෙහි ඉතා අඩු අවධානයක් යොමු කර ඇති බව එම පදනම සදහන් කරනවා.

එම කලාපය ගෝලීය සාමාන්‍යයට වඩා දෙගුණයක වේගයකින් වේගයෙන් උණුසුම් වෙමින් පවතින බව අදාළ පදනම නිකුත් කළ වාර්තාවක සදහන්.

සිදු කරන ලද විවිධ අධ්‍යයනයන්ට අනුව, පසුගිය වසර 50 තුළ මෙම කලාපයේ ඇති ග්ලැසියර වේගයෙන් හැකිලී ඇති අතර සානුවේ ග්ලැසියරවලින් සියයට 82 ක් පසු බැස තිබෙනවා.

කලාපයේ නිත්‍ය තුහිනවලින් සියයට 10 ක් පමණ පහත වැටී ඇති බවත් මෙම කටුක දේශගුණික තත්ත්වයන් පිටුපස ඇති ප්‍රධාන හේතුව, කලාපයේ ලැව් ගිනිවලින් ඇති වන කළු දුම බවත් සදහන්.

ටිබෙට් සානුව චීනයේ පාලනය යටතේ පවතින අතර එහි පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔවුන් නිසි සැළකිල්ලක් නොදක්වන බවට මීට පෙර අවස්ථා ගණනාවකදී ද චෝදනා එල්ල වී තිබුණා.