Tuesday, May 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - ඉන්දියා එක්දින සටන අද ඇරඹේ




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. දෙරට අතර පළමු එක්දින තරගය අද පස්වරු 01 යි 30 ට ගුවාති හිදී ආරම්භ වීමට නියමිතයි. 

අද තරගයේදී භානුක රාජපක්ෂ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දියාවට එරෙහි 20 යි 20 තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින්  වෙනසකින් තොරව බොහෝ දුරට අද පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව ද ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළා.  

මෙම තරගාවලියේදී සුපුරුදු පරිදි රෝහිත් ශර්මා ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. දෙරට අතර පැවැති 20 යි 20 තරගාවලියට ඔහු ක්‍රීඩා කළේ නැහැ. ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ද මෙම තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර මෙම තරගාවලිය ඉන්දීය කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන ජස්ප්‍රිත් බුම්රාට අහිමි වී තිබෙනවා. ඒ ඔහුගේ ආබාධ තත්ත්වය තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන්. 

දෙරට අතර මේ දක්වා එක්දින තරග 162 ක් පවත්වා ඇති අතර ඉන් 93 ක් ජය ගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි. තරග 57 ක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබෙනවා. තවත් තරග 11 ක් විසඳුමකින් තොරව නිමා වී ඇති අතර එක් තරගයක් ලකුණු සම  වී තිබෙනවා.