සෙබලුන් පිරිසක් සේවයට යොදවා ගනිමින් යුධ හමුදා කෝප්රල්වරයකුගේ නිවසේ පවත්වාගෙන ගිය අනවසර ලී මඩුවක් වටලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ප්රියංකරගම පොලිස් වසමේ සිදුකල වැටලීමකදීයි.
එම යුද හමුදා කෝප්රල්වරයාගේ නිවසේ අනවසර ලීමඩුවක් පවත්වාගෙන යන බවට ප්රියංකරගම පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබුණා.
පොලිස් නිලධාරින් කණ්ඩායමක් වැටලීම සිදුකරන අවස්ථාවේද එම අනවසර ලී මඩුවේ කටයුතු සිදුවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ලී මඩුව පවත්වාගෙන ගිය නිවසේ පදිංචි හමුදා කෝප්රල්වරයා, එහි සේවය කරමින් සිටි තවත් කෝප්රල්වරයෙකු හා යුද හමුදා සෙබලෙකු එහිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.