Friday, May 17, 2024

General line - 0115112241

විරාට් කෝලී 45 වන එක්දින ශතකය වාර්තා කරයි : ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්




ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේදී ඉන්දීය පිතිකරු විරාට් කෝලී සිය 45 වන එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වුවා.

විරාට් කෝලී සිය එක්දින ශතකය වාර්තා කළේ පන්දු 80කින් වන අතර එයට හයේ පහරවල් එකක් සහ හතරේ පහරවල් 12ක් ඇතුලත් වුවා.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දසුන් ශානක ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 7373 ක් රැස් කළා.

නායක රෝහිත් ෂර්මා සහ ෂුබ්මන් ගිල් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 143ක සම්බන්ධතාවයක් පවත්වනු ලැබුවා.

ඉන්දීය පිල වෙනුවෙන් විරාට් කෝලී ලකුණු 113ක්, රෝහිත් ෂර්මා ලකුණු 83ක්, ශුබ්මන් ගිල් ලකුණු 70ක් රැස් කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 88 කඩුලු 3ක් දවා ගනු ලැබුවා. ඊට අමතරව ඩිල්ශාන් මධුශංක, චාමික කරුණාරත්න, දසුන් ශානක සහ ධනංජය සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගනු ලැබුවා.