විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබන 06 වනදා වන විට අදාළ යෝජනා භාර නොදුනහොත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉදිරි පියවර ගතයුතු බව බලශක්ති විශ්ලේෂකයින් පවසනවා.
බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව මහතා පැවසුවේ අදාළ යෝජනාවලිය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලයට දෙසැම්බර් 06 වනදා දක්වා කල් ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
පවත්නා තත්ත්වයන් යටතේ විදුලි බිලට සහනයක් ලබාදීම ජනවාරි මාසය මුලදී හෝ සිදු වේදැයි සැකසහිත බවද බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව මහතා මෙහිදී පෙන්වා දුන්නා.