ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනගේ වාර්තාවක් බිඳ හෙළීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාට් කෝලි සූදානම් වනවා. ඒ, අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දියා දෙවන එක්දින ක්‍රිකට් තරඟයේදීයි.
එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයින් අතර මහේල ජයවර්ධන පසු වන්නේ 5වන ස්ථානයේයි. ඒ, ලකුණු 12,650ක් රැස් කර ගනිමින්. විරාට් කෝලි එම ලැයිස්තුවේ 6වන ස්ථානයේ පසු වනවා. ඒ, ලකුණු 12,584ක් රැස් කර ගනිමින්. ඒ අනුව අද තරඟයේදී තවත් ලකුණු 67ක් රැස් කර ගතහොත් විරාත් කෝලිට මහේල ජයවර්ධනගේ වාර්තාව අභිබවා යාමට හැකි වනවා.
මේ අතර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුද තවත් වාර්තාවක් අභියසට පැමිණ තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු දහසේ සීමාව සම්පූර්ණ කළ පිතිකරු ලැයිස්තුවට එක් වීමටයි. අද තරඟයේදී ඔහු තවත් ලකුණු 28ක් රැස් කර ගත හොත් අඩුම ඉනිම සංඛ්‍යාවකදී එම කඩයිම පසුකර ගිය දෙවන ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස ඔහුට සම තත්ත්වයට පත් විය හැකියි.
මීට පෙර උපුල් තරංග සහ කුසල් මෙන්ඩිස්ද ඉනිම් 28කදී එක්දින ලකුණු දහසේ සීමාව පසුකර ගොස් තිබෙනවා. එහි වාර්තාවට හිමිකම් කියන්නේ ඉනිම් 27කදී ලකුණු දහස සම්පූර්ණ කළ රෝයි ඩයස්.