Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවත් වාර්තාවකට හිමිකම් කියයි




එක්දින තරගවලදී වැඩිම පරාජයන් සංඛ්‍යාවක් ලැබූ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. නවතම වාර්තාවන්ට අනුව එක්දින තරග 880කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉන් තරග 437ක් පරාජයට පත්ව ඇත.

එක්දින තරග වලදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ප්‍රතිශතය සීයයට 47.74ක් ලෙසයි සටහන් වන්නේ. 1990 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරඟවල පාලනය සිය අතට ගැනීමට සමත්වූ කණ්ඩායමක් ලෙසයි වාර්තා පොත් අතරට එක්ව සිටියේ. 

1996 වසරේ අර්ජුන රණතුංග ගේ නායකත්වයෙන් යුතුව ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පිලට අරවින්ද සිල්වා, සනත් ජයසුරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර වැනි ලෝප්‍රකට ක්‍රීඩකයින් ගේ විශ්‍රාම යාමෙන් පසු තරග දිනවීමට හැකි ක්‍රීඩකයින් සොයා ගැනීමට නොහැකි වීම මෙම තත්ත්වයට පත්වීමට මුලික හේතුව වී ඇත.

එක්දින තරග වලදී වැඩිම පරාජයන් සංඛ්‍යාවක් ලැබූ දෙවන රට බවට අසල්වැසි ඉන්දියාව පත්ව සිටින අතර ඔවුන් ක්‍රීඩා කළ තරග 1022 කින් පරාජයට පත්වී ඇති තරග සංඛ්‍යාව 436ක් වනවා. එමෙන්ම ඕස්ට්‍රේලියාවට පසුව වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇති රට ලෙස දෙවන ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි. ඉන්දියාව ජයග්‍රහණය කර ඇති එක්දින තරග සංඛ්‍යාව 534ක්.

මේ දක්වා කණ්ඩායම් ලැබූ ජයග්‍රහණයන් සහ පරාජයන් පිළිබඳව සම්පුර්ණ වාර්තාව පහතින් :