Monday, May 6, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවේ තීරණයට රෂිඩ් ඛාන් ගෙන් දැඩි ප්‍රතිචාරයක්




ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාළනයේ ක්‍රියාකලාපය ක්‍රිකට් ක්‍රීඩාවට ද බලපෑම් එල්ලවී තිබෙනවා. ඒ, තලෙයිබාන් ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ඇෆ්ගනිස්තානය සමඟ පැවති එක්දින තරඟාවලියෙන් ඉවත්වීමට ඕස්ට්‍රේලියාව තීරණය කිරීමත් සමඟයි. 

ඕස්ට්‍රේලියාව මෙම තීරණයට ආසන්නතම හේතුව වී ඇත්තේ තලෙයිබාන් පාලකයින් ඇෆ්ගන් තරුණියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් කිරීමයි. ඇෆ්ගන් ඕස්ට්‍රේලියා තරඟාවලිය ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණා.

මේ අතරතුර ඇෆ්ගනිස්තාන සුපිරි ක්‍රීඩක රෂීඩ් ඛාන් ඕස්ට්‍රේලියාව ගත් මෙම තීරණයට දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ඒ, ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරඟාවලිය වන බිග්බෑෂ් තරඟාවලියෙන් තමා ඉවත් වන බවට අනතුරු අඟවමින්. රෂීඩ් ඛාන් පවසන්නේ තමා නිරන්තරයෙන් තමා උපන් රට නියෝජනය කිරීම පිළිබඳ ආරම්භර වන බවයි.