Saturday, May 18, 2024

General line - 0115112241

ටොරින්ටන් හොකී පිටිය විනාශ මුඛයට යයි




ජාතික කණ්ඩායමද පුහුණුවීම් කරනු ලබන කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ ශ්‍රී ලංකා හොකී සම්මේලනයට අයත් කෘතීම හොකී ක්‍රීඩා පිටිය  භාවිතයට ගත නොහැකි පරිදි හානි සිදුව ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඒ අනුව ජාත්‍යන්තර තරග සදහා පුහුණුවීම් සිදුකිරීමට මෙම හොකී පිටිය යෝග්‍ය වන්නේද නැහැ. පවතින තත්ත්වය හමුවේ ක්‍රීඩකයින් අනතුරුවලට ලක්වීමේ අවදානමක්ද තිබෙන බවයි එහි තරඟ නරඹන ප්‍රේක්‍ෂකයෙක් නෙත් නිවුස් වෙත පැවසුවේ. 

බලධාරීන් මේ පිළිබඳ කඩිනමින් අවධානය යොමු නොකළහොත් අනාගතයේදී ඊට වැය කිරිමට සිදුවන මුදලද තවත් ඉහළ යා හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.