Saturday, May 18, 2024

General line - 0115112241

ඉන්දු - ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අදයි




ඉන්දියාව සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගයට අද පැවැත්වෙනවා. දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන එම තරගය තිරුවානන්තපුරම්හිදී පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි.

පූර්ණ එක්දින ක්‍රිකට් තරගාවලි පරාජයකින් මිදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය අනිවාර්යෙන් ජයගතයුතු වනවා. ඒ, මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පෙර පැවති තරග දෙකම ඉන්දිය කණ්ඩායම මේවනවිත් ජය ලබා ඇති බැවින්. 

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ජය හිමිකර ගත්තේද ඉන්දීය කණ්ඩායමයි.