Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලකුණු 391 ක ඉලක්කයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන 03 වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 05 ක් දැවී ලකුණු 390 ක් රැස් කළා. 

විරාත් කෝලි, පන්දු 110 කදී නොදැවී ලකුණු 166 ක් රැස් කළේ හයේ පහර 08 ක් සහ හතරේ පහර 13 ක්ද සමගින්. ශුබ්මන් ගිල් පන්දු 97 කදී ලකුණු 116 යි. ඊට හතරේ පහර 14 ක් සහ හයේ පහර 02 ක් ඇතුළත්. පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 81 කට කඩුළු 02 ක් දවා ගත් අතර ලහිරු කුමාර ලකුණු 87 කට කඩුළු 02 ක් දවා ගත්තා. 

තරගය අතරතුරදී පන්දුවක් රැක ගැනීමට උත්සහ කිරීමේදී අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩසේ ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් ප්‍රතිකාර ලබාදීම සඳහා ඔවුන් දෙදෙනා පිටියෙන් ඉවතට රැගෙන ගියා. තරගයේ 44 වන පන්දු වාරයේදී විරාත් කෝලි විසින් එල්ල කරන ලද පහරකින් ඇදී ගිය පන්දුව රැකගැනීමට උත්සහ කිරීමේදී ඔවුන් දෙදෙනා එලෙස ගැටී තිබුණා. 

ලකුණු 391 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පන්දුවාර 16ක් අවසානයේ පෙර කඩුළු 08ක් දැවී ලකුණු 51ක් ලබා සිටිනවා.