Saturday, May 18, 2024

General line - 0115112241

එක්දින ඉතිහාසයේ තවත් අමිහිරි වාර්තාවකට ශ්‍රී ලංකාව හිමිකම් කියු හැටි 




ශ්‍රී ලංකාව සමග පැවති අවසන් එක්දින තරගය ලකුණු 317 කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය පිල සමත් වුවා. ශ්‍රී ලංකාව ලැබූ මෙම පරාජය එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ ඉහලම ලකුණු පරතරයෙන් යුත් පරාජය ලෙසයි වාර්තා පොත් අතරට එක්වුයේ.

ලකුණු 391ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දු වාර 22ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 73ක් පමණයි. 

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නුවනිදු ප්‍රනාන්දු ලකුණු 19ක්, කසුන් රාජිත නොදැවී ලකුණු 13ක් සහ නායක දසුන් ශානක ලකුණු 11ක් රැස් කරනු ලැබුවා. සෙසු ශ්‍රී ලාංකික පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකර යෑමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී ඉන්දීය පිලේ මොහොමඩ් සිරාජ් ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනු ලැබුවා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 05 ක් දැවී ලකුණු 390 ක් රැස් කළා. 

විරාත් කෝලි, පන්දු 110 කදී නොදැවී ලකුණු 166 ක් රැස් කළේ හයේ පහර 08 ක් සහ හතරේ පහර 13 ක්ද සමගින්. ශුබ්මන් ගිල් පන්දු 97 කදී ලකුණු 116 යි. ඊට හතරේ පහර 14 ක් සහ හයේ පහර 02 ක් ඇතුළත්. පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 81 කට කඩුළු 02 ක් දවා ගත් අතර ලහිරු කුමාර ලකුණු 87 කට කඩුළු 02 ක් දවා ගත්තා.