Saturday, May 18, 2024

General line - 0115112241

නින්දා සහගත පරාජය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තාවක් කැඳවයි




ඉන්දිය කණ්ඩායම සමඟ ඊයේ පැවති තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකාව ලැබූ දරුණු පරාජය සම්බන්ධයෙන් කණ්ඩායමේ කළමනාකරුගෙන් වාර්තාවක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු, තේරීම් කමිටුව සහ කණ්ඩායමේ කළමනාකරුගේ අදහස්වලින් සමන්විතව එම වාර්තාව ලබාදෙන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දී ඇත්තේ.

අදාළ වාර්තාව දින පහක් ඇතුලත ලබාදෙන ලෙසද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුට දැනුම්දී තිබෙනවා.

තිරුවනන්පුරම්හිදී ඊයේ පැවති දෙරට අතර තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජයට පත්වුණේ ලකුණු 317 කින්. එය එක්දින ක්‍රිකට් ඉතිහාසයේදී කණ්ඩායමක් ලැබූ දැවැන්තම පරාජය ලෙසයි ඉතිහාසයට එක්වුණේ.