Friday, May 3, 2024

General line - 0115112241

නේපාලයට චීනයෙන් බලපෑම්




එක් තීරයක් - එක් මාවතක් යන් සංකල්පය ඔස්සේ ක්‍රියාත්මක BRI ව්‍යාපෘති මාලාවට සහය ලබා දෙන ලෙස චීනය නේපාලයට බලපෑම් කරන බව වාර්තා වනවා.

එහෙත් නේපාලය ඒ සදහා සිය විරෝධය පළ කරන බවයි වාර්තා වන්නේ.

අමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් මේවනවිටත් සහයෝගය ලබන නේපාලය චීනයේ ප්‍රතිපත්ති සදහා දැඩිව විරුද්ධ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චීනයේ BRI ව්‍යාපෘති සමග එක්ව කටයුතු කිරීමට නේපාලය මෙතෙක් එකගතාව පළ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම අදාළ ව්‍යාපෘතිය යටතේ චීනය නේපාලයට හදුන්වා දී ඇති ව්‍යාපෘති සැබැවින්ම ඵලදායී ද යන්න සම්බන්ධයෙන් නේපාලයට ගැටළුවක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

නේපාලයේ පොකාරා කලාපීය ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉකුත් දා විවෘත කෙරුණා.

එහි ඉදිකිරීම් සිදු කළේ BRI ව්‍යාපෘතිය යටතේ බවයි චීනය පවසා ඇත්තේ.

එහෙත් එම ව්‍යාපෘතිය නේපාල රජයේ ආයෝජන දායකත්වයෙන් හා චීන EXIM බැංකුවෙන් ලබාගත් ණය වලින් සම්පූර්ණ කළ බව ද නේපාලය පෙන්වා දෙනවා.