Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දියාව සහ කියුබාව සබදතා තර කර ගනී




ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මීනාක්ශි ලේකි කියුබාවේ සංචාරයක නිරත වුණා.

දෙරට අතර පවතින ද්විපාර්ශවික සබදතා, මිත්‍රත්වය සහ සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම එම සංචාරයේ අරමුණයි.

එම සංචාරයේදි කියුබානු ජනාධිපති Miguel Diaz Canel විසින් ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරිය පිළිගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ඉන්දියාව කියුබාව වෙත ලබා දුන් සහල් තොගය සම්බන්ධයෙන් ද කියුබානු ජනාධිපතිවරයා එහිදී ඉන්දිය රාජ්‍ය අමාත්‍යවරිය වෙත ස්තූතිය පළ කර තිබෙනවා.

ඉන්දීය ණය පහසුකම යටතේ කියුබාව වෙත එම සහල් තොගය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අසීරු අවස්ථාවලදි සහය් ලබාදීම සම්බන්ධයෙන් කියුබානු නායකයා ඉන්දීය රජයට මෙන්ම එරට ජනතාවට එහිදී සිය ස්තූතිය පළ කළා.

ඉන්දියාව සහ කියුබාව ඉකුත් 12 වනදා සිය ද්විපාර්ශවික රාජ්‍ය තාන්ත්‍රික සබදතාවල 63 වන සංවත්සරය ද සනිටුහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.