Friday, May 3, 2024

General line - 0115112241

චීන පොලිස් ස්ථාන සොයා අමෙරිකාවේ මෙහෙයුම්




චීනය හොර රහසේ සිය රටතුළ පොලිස් ස්ථාන පවත්වාගෙන යන්නේදැයි සොයා අමෙරිකාව මෙහෙයුම් දැඩි කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ චීනය විසින් ලොව රටවල් රැසකම හොර රහසේ පොලිස් ස්ථාන පවත්වාගෙන යන බව අනාවරණ වීමත් සමගයි.

අමෙරිකාවේ එම මෙහෙයුම් සදහා ෆෙඩරල් විමර්ශන කාර්යංශය (FBI) ද එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ඉකුත්දා FBI නිලධාරීන් විසින් නිව්යෝර්ක් නුවර පිහිටි ගොඩනැගිල්ලක් සෝදිසි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මහල් 06 කින් යුත් කාර්යාල ගොඩනැගිල්ලක් එලෙස පරීක්ෂාවට ලක් කර ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් එහි චීනය විසින් පවත්වාගෙන යන පොලිස් ස්ථානයක් ස්ථාපිත කර ඇත්දැයි මෙතෙක් වාර්තා වී නැහැ.

වැටලීම සම්බන්ධයෙන් අදහස් දක්වන වොෂිංටනයේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසන්නේ නිව්යෝර්ක්හි සිටින චීන වැසියන් සදහා සේවා සපයන ස්වේච්ඡා නිලධාරීන් පිරිසකගේ කාර්යාලයක් පමණක් එහි පවතින බවයි.

කෙසේවෙතත් චීන පොලිස් ස්ථාන සොයා අමෙරිකාව අඛණ්ඩ මෙහෙයුම් දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.