Thursday, April 25, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු හෂීම් අම්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී




දකුණු අප්‍රිකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු වන හෂීම් අම්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තරඟවලින් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

මෙවනවිට ඔහුගේ වයස අවුරුදු 39ක්. දශක 2කට ආසන්න කාලයක් දකුණු අප්‍රිකාව නියෝජනය කළ හෂීම් අම්ලා රැස් කරගෙන ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 34,101ක්.

2019 වසරේ ශ්‍රී ලංකාවට එරෙහි තරඟවලින් පසු ඔහු මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරඟයකදී දකණු අප්‍රිකාව නියෝජනය කර නැහැ.