ඩුබායිහි පැවැත්වෙන පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සමත්ව තිබෙනවා. ඒ, අබුඩාබි නයිට්ට්රයිඩර්ස් කණ්ඩායම සහ ඩිසර්ට් වයිපර්ස් කණ්ඩායම අතරයි.
එහිදී වයිපර්ස් කණ්ඩායම නියෝජනය කළ වනිඳු නියමිත පන්දුවාර 4රේදී එක් නිලකුණු පන්දුවාරයක් සමඟ ලකුණු 18කට කඩුලු 3ක් බිඳ හෙළුවා. මෙම දක්ෂතාවය හේතුවෙන් තරඟයේ වීරයා සම්මානයද හිමි වූයේ වනිඳු හසරංගටයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් රැසක් මෙම තරඟයේදී ක්‍රීඩා කළා. ධනංජයද සිල්වා, චරිත් අසලංක, ළහිරු කුමාර, වනිදු හසරංග ඒ අතරට අයත්.