Tuesday, May 7, 2024

General line - 0115112241

වැඩිකළ බදුවලට එරෙහිව වෛද්‍ය, ඉංජිනේරු ඇතුලු වෘත්තිකයින් කොළඹට




රජය පැනවූ නව බදු සංශෝධනවලට එරෙහිව වෘත්තිකයින් රැසක් කොළඹදී අද විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ අසාධාරණ බදු ඉවත් කර පාරදෘෂ්‍ය බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බවයි. 

මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා සියලුම ක්ෂේත්‍රවල වෘත්තිකයින් සහභාගී වන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිළධාරීන්ගේ සංගමයද ජනවාරි 1වනදා සිට බලපැවැත්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබූ බදු ව්‍යුහයන් සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළා. ඒ, භාණ්ඩාගාර ලේකම්වරයා හා මහ බැංකු අධිපතිවරයා වෙත ලිපි යොමු කරමින්.