Wednesday, April 24, 2024

General line - 0115112241

නවසීලන්තයට එරෙහි දෙවන එක්දින තරගයේ ජය ඉන්දියාවට




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 08 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීමටයි. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 34 යි පන්දු 03 ක් තුළ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 108 ක් පමණයි.

ග්ලෙන් පිලිප්ස් ලකුණු 36 ක් රැස් කළ අතර මිචෙල් සැන්ටර් ලකුණු 27 ක් සහ මයිකල් බ්‍රේස්වේල් ලකුණු 22 යි. මෙම තිදෙනා හැරුණුකොට නවසීලන්ත කණ්ඩායමේ වෙනත් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 යේ සීමාව පසුකර යාමට හැකිවූයේ නැහැ. 

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ෂාමි ලකුණු 18 කට කඩුළු 03 ක් දවා ගත්තා. හර්දික් පාන්ඩයා සහ වොෂිංටන් සුන්දර් කඩුළු 02 බැගින් දවා ගැනීමට සමත්වුණා.

ලකුණු 109 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයින් පන්දුවාර 20 යි එක් පන්දුවක් තුළ කඩුළු 02 ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

නායක රෝහිත් ශර්මා ලකුණු 51 යි. ඊට හයේ පහර 02 ක් සහ හතරේ පහර 07 ක් ඇතුළත්. ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 40 යි. තරගයේ වීරයා ලෙස මොහොමඩ් ෂාමි සම්මනා හිමි කර ගත්තා.