Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ජාත්‍යන්තරයෙන් තහනමක්




ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ මෙම මස 21 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බවයි එම සංවිධානය නිවේදනය කර සිටින්නේ.

පසුගිය ජනවාරි මස 14 වැනි දින පැවති ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් මෙරට බලධාරීන් එකඟ වූ ක්‍රියා පටිපාටියෙන් බැහැරව කටයුතු කිරීම හා එම මැතිවරණය සම්බන්ධ කාරණාවලට සිදුවූ තෙවන පාර්ශ්වයේ මැදිහත්වීම් හේතුවෙන්  ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

එම නියෝගයට අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හෝ එම නිලධාරින්, සාමාජිකත්වය දරන පාපන්දු සමාජ කණ්ඩායම්වලට එම තහනම ඉවත් කරන තුරු ජාත්‍යන්තර තරඟවලට සහභාගී වීමේ අවස්ථාව හිමි නොවනු ඇත.