Friday, April 26, 2024

General line - 0115112241

ස්විඩනයේ නේටෝ සිහිනය බොඳ වන ලකුණු




නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා සිය රට සහය ලබාදෙනු ඇතැයි අපේක්ෂා නොකරන ලෙස තුර්කිය, ස්විඩනයට පවසා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් විසින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි.

ස්විඩනයේ ස්ටොක්හෝම් නුවර ඉකුත් දා පැවැති විරෝධතාවකදී කුරානයේ පිටපතක් ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ. ඒ හමුවේ තුර්කිය දැඩි ලෙස කෝපයට පත්ව සිටින අතර එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් ස්විඩනයේ නේටෝ අපේක්ෂකත්වයට බාධා එල්ල කරනු ඇතැයි විචාරකයින් පවසනවා. 

ස්වීඩනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා සිටියේ රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමගයි. ඒ, රුසියාවේ දේශපාලන හා යුදමය බලපෑම් සම්බන්ධයෙන් එල්ල වූ බිය හේතුවෙන්.

කෙසේවෙතත් ස්විඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට නම් එහි සාමාජික රටවල සහයෝගය අවශ්‍ය වනවා. තුර්කිය ද නේටෝ සංවිධානයේ සාමාජිකයෙකු වන බැවින් නේටෝ සාමාජිකත්වය ලබාගැනීම සඳහා තුර්කියේ සහයෝගය ද ස්විඩනයට අත්‍යවශ්‍ය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.