Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියාව අඛණ්ඩව 02 වන එක්දින තරගාවලියත් ජය ගනියි




අඛණ්ඩව දෙවන එක්දින තරඟාවලි ජය වාර්තා කිරීමට ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ, සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය තරඟ 3-0ක් ලෙස ජයගනිමින්. 

දෙරට අතර ඊයේ පැවති තුන්වන එක්දින තරඟය ඉන්දියාව ජයගනු ලැබුවේ ලකුණු 90 කින්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම කඬුලු 09 ක් දැවී ලකුණු 385 ක් රැස්කළා.

ෂුබ්මන් ගිල් පන්දු 78 කදී ලකුණු 112 ක් රැස්කිරීමට සමත්වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 13 ක් ඇතුලත් වුණා. නායක රෝහිත් ශර්මා ලකුණු 101 යි. පන්දු යැවීමේදී ජේකොබ් ඩෆි සහ බ්ලේයර් ටික්නර් අතර කඩුලු 03 බැගින් බෙදී ගියා.

ජයග්‍රාහි ලකුණු 386 ක් රැස් කිරීමට පිටියට පිවිස සංචාරක නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 41 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 295 ක් පමණයි. ඩෙවොන් කොන්වේ පන්දු 100 කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 138 ක්. පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් සහ ෂාදුල් තකූර් කඩුලු 03 බැඟින් දවා ගත්තා. තරඟයේ වීරයා සම්මානය ෂාදුල් තකූර්ට හිමිවූ අතර තරඟාවලියේ වීරයා සම්මානය ෂුබ්මන් ගිල් විසින් හිමිකරගත්තා.

මෙම තරඟාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය ජයගත්තේද ඉන්දිය කණ්ඩායමයි.