Friday, April 26, 2024

General line - 0115112241

කුසල් ජනිත්ට කැඳවීමක්




 ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින්  එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන "A" කණ්ඩායමේ තරග සඳහා කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් නම් කර තිබෙනවා .

ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ එළඹෙන නවසීලන්ත සංචාරය සඳහා සූදානම්වීමක් වශයෙන් එම ක්‍රීඩකයින්ව "A" කණ්ඩායම ට කැඳවා ඇති බවය.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, සධීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්, නුවන් තුෂාර, කවිෂ්ක අන්ජුල, අවිශ්ක ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර ව නම්කර තිබේ.

ජනවාරි 31 ආරම්භ කිරීමට නියමිත මෙම සිව්දින සහ එක්දින තරගාවලිය සඳහා ශ්‍රි ලංකා ´ඒ`  කණ්ඩායමට සිව්දින හා එක්දින තරග අංශ සඳහා නායකයින් දෙදෙනෙකු නම් කිරීමට පියවර ගෙන ඇත .