Friday, April 26, 2024

General line - 0115112241

අඛණ්ඩව උද්දමනය පහළ යාම ගැන අනාවරණයක්




අඛණ්ඩව උද්ධමනය පහළ යාමට ප්‍රධාන කරුණු තුනක් බලපා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විශ්ලේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එල්.ආර්.සී. පත්බේරිය පවසනවා. ඔහු කියා සිටියේ සමස්ත ඉල්ලුමේ අඩු වීම ඒ අතරින් ප්‍රධාන වන බවයි.

මෙම වසරේදීද උද්දමනය විශාල වශයෙන් අඩු වීමේ ප්‍රවණතාවක් ඇති බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විශ්ලේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එල්.ආර්.සී. පත්බේරිය සඳහන් කළේ ඉදිරියේදී ණය පොලී අනුපාත අඩුවීමේද ප්‍රවණතාවක් ඇති බවයි. 

ඉහළ ගොස් ඇති පොලී අනුපාත හේතුවෙන් ව්‍යාපාර කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ව්‍යාපාරිකයින් පවසනවා. ඒ අතරින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ප්‍රධානයි. ව්‍යාපාරවලට බලපා ඇති පොලි අනුපාත පහළ දැමිය නොහැකි ද? ඒ පිළීබඳ කළ විමසීමකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ පොලි අනුපාත පහළ දැමීමට නම් උද්ධමනය පහළ යා යුතු බවයි. 

රටේ උද්දමනයේ ඉදිරි ප්‍රවණතා සම්බන්ධයෙන්ද මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කිරීමක් සිදු කළා.

ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමටයි මහ බැංකුව තීරණය කර ඇත්තේ. ඒ අනුව නිත්‍ය තැන්පතු සියයට 14 යි දශම 5 කින් සහ නිත්‍ය ණය පහසුකම් සියයට 15 යි දශම 5 ක අගයක පවත්වාගෙන යනු ඇති.

මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය, 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 65 මට්ටමේ සිට 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 59යි දශම 2ක් දක්වා තවදුරටත් පහළ ගියා.