Saturday, July 27, 2024

General line - 0115112241

මොහොමඩ් සිරාජ් අංක 01 වෙයි




එක්දින ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීිමට ඉන්දියාවේ මොහොමඩ් සිරාජ් සමත් වී තිබෙනවා. ඒ, පසුගිය මාස 12ක කාලය තුළ ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන්. මොහොමඩ් සිරාජ්, එක්දින ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථම වරටයි. 

ඔහු වසර 3කට අධික කාලයක් එක්දින ක්‍රිකට් තරඟ වෙනුවෙන් ඉන්දියාව නියෝජනය කිරීමට අවස්ථාව හිමි වූයේ නැහැ. මොහොමඩ් සිරාජ්, යළි ඉන්දීය කණ්ඩායමට පිවිසෙන්නේ ඉකුත් පෙබරවාරි මාසයේයි. එතැන් සිට තරඟ 20කදී ඔහු කඩුලු 37ක් දවාගෙන තිබෙනවා. එම කාලය තුළ ඉන්දියාවේ සාර්ථකම වේගපන්දු යවන්නා වූයේද මොහොමඩ් සිරාජ්. 

කෙසේ වෙතත් එක්දින ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථාන විසි දෙක තුළට ඇතුල් වීමට කිසිදු ශ්‍රී ලාංකික පන්දු යවන්නෙකුට නොහැකි වී තිබීම කැපී පෙනෙන තත්ත්වයක්. වනිදු හසරංගද එම ශ්‍රේණිගත කිරීමේ පසු වන්නේ 23වන ස්ථානයේයි.