Thursday, April 25, 2024

General line - 0115112241

අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලානය ඉන්දීය පිල ජයග්‍රහණය කරයි 




පළමු වරට පවත්වනු ලැබූ ICC අවුරුදු 19න් පහළ විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඉන්දීය පිල සමත්වුවා. ඒ ප්‍රතිවාදී එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 07 කට පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් අවුරුදු 19න් පහළ එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දු වාර 17.1කදී සියලු දෙනා දැවී ලකුණු 68ක් පමණක් රැස් කරනු ලැබුවා. 

ලකුණු 69ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය අවුරුදු 19න් පහළ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දු වාර 14ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී තරගය ජය ගැනීමට සමත් වුවා.