Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දු - නවසීලන්ත අවසන් විස්සයි 20 තරගය අදයි




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟය අද රාත්‍රියේදී පැවැත්වෙනවා. අහමදාබාද්හිදී පැවැත්වෙන මෙම තරඟය ආරම්භවීමට නියමිතව ඇත්තේ රාත්‍රී 7 ටයි.

දෙරට අතර පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරඟය ලකුණු 21 කින් ජයගනු ලැබුවේ සංචාරක නවසීලන්ත කණ්ඩායමයි. සංචාරක නවසීලන්ත කණ්ඩායම පැරදවූ ඉන්දිය කණ්ඩායම දෙවන පන්දුවාර විස්ස තරඟය ජයගනු ලැබුවේ කඬුලු 6 කින්.

ඒ අනුව අද පැවැත්වෙන තරඟය ජයගන්නා කණ්ඩායමට පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ ජය හිමිවනු ඇති.

දෙරට අතර පැවති තරඟ 03 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය ඉන්දියාව ජයගනු ලැබුවේ 3 ට බිංදුවක් ලෙසයි.