Sunday, April 28, 2024

General line - 0115112241

වල්ගා තරුවක් වසර 50,000 කට පසු කරලියට




C ට්වෙන්ටි ට්වෙන්ටි ටූ E ත්‍රී නමැති වල්ගා තරුව මේදිනවල පෘතුවියට ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය පවසනවා. ඉන් පෘථිවියට කිසිදු අනිසි බලපෑමක් නොමැති බවයි නාසා ආයතනය පවසන්නේ. විශේෂත්ව වන්නේ එය මෙලෙස පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන්නේ වසර 50,000 කට පසුව වීමයි.

එම වල්ගා තරුව අද දිනයේදී පෘථිවිවාසීන්ට හොදින් නිරීක්ෂණය වන බව ද නාසා ආයතනය සදහන් කළා. නාසා ආයතනයට අනුව එම වල්ගා තරුව පෘථිවියට කිලෝමීටර් මිලියන 42 ක පමණ දුරකින් ගමන් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට පෙර වල්ගා තරුව පෘථිවිය ආසන්නයෙන් ගමන් කර තිබුණේ මීට වසර 50,000 කට පෙර නියඩ්‍රතාල්වරුන් ජීවත් වූ අවදියේදී බවයි නාසා ආයතනය පවසන්නේ.