Friday, April 26, 2024

General line - 0115112241

කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්ම ගැන දැනුම් දීමක්




75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු හේතුවෙන් අද දිනයේ ද ගාලු මුවදොර සහ කොළඹ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වනවා.

ලබන 04 වනදා දක්වා අලුයම 5 හේ සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ එම රථවාහන සැලැසුම ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය නතර කෙරෙන බව බස්නාහිර රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ සඳහන් කළා. 

එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කාල සීමාව තුළ කොළඹට ඇතුළු වන සහ කොළඹින් පිටවන රථවාහන ධාවනය කළ යුතු විකල්ප මාර්ග පිළිබඳවද නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ කරුණු පැහැදිළි කළා.

මේ අතර 75 වන නිදහස් උත්සවයට සහභාගී වීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැටි්‍රෂියා ස්කොට්ලන්ඩ් ඇතුලු තිදෙනෙකුගෙන් යුත් දූත පිරිස දිවයිනට පැමිණ සිටිනවා.