Friday, April 26, 2024

General line - 0115112241

තරුණ වෛද්‍යවරුන් රට හැරයාමේ ප්‍රවණතාවක්




රජය පැනවූ නව බදු හේතුවෙන් තරුණ වෛද්‍යවරුන්ගෙන් වැඩි පිරිසක් රට හැර යාමේ ප්‍රවණතාවක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ පළාත් කිහිපයක සිටි විශේෂඥ වෛද්‍යවරුන් විදේශගත වීම හේතුවෙන් දැනටමත් රෝහල් රැසක කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බවයි. 

එලෙස විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමෙන් පුරප්පාඩු වන තනතුරු සම්පූර්ණ කර ගැනීම පවා දැඩි අසීරු කරුණක් වනු ඇති බව මෙහිීදී ප්‍රකාශ කෙරුණා. 

ශ්‍රී ලංකාවේ සිටින අක්ෂි ස්නායු පටක විශේෂඥ වෛද්‍යවරුන් 25 දෙනාගෙන් 10 දෙනෙකුම මේවනවිටත් රට හැර ගොස් ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර අනාවරණ කළා.