Tuesday, March 19, 2024

General line - 0115112241

තුර්කියේ භූමිකම්පාවෙන් 700කට අධික පිරිසක් ජිවිතක්ෂයට (VIDEO / PHOTOS)




දකුණු දිග තුර්කියේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 700 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර සිටින්නේ දකුණු දිග තුර්කියට බලපෑ භූමිකම්පාවේ ප්‍රබලත්වය අනුව මිය යා හැකි පුද්ගලයින් සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා යනු ඇති බවයි.

භූමිකම්පාවෙන් විපතට පත්වූවන් සඳහා සිදුකරනු ලබන ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පවතින අධික සීත කාලගුණය දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

භූමිකම්පාවෙන් සිරියාවේ සහ තුර්කියේ ගොඩනැගිලි සියයකට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව සඳහන්. ඉන් වැඩි පිරිසක් මහල් නිවාස වන අතර කඩා වැටුණු ගොඩනැගිලි තුල සිරවූ සිටින පුද්ගලයින් සංඛ්‍යාව විශාල පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

විපතට පත්වූ පිරිස් සඳහා සහන සැලසීම සඳහා නෙදර්ලන්තය විසින් විශේෂ පුහුණුව ලැබූ සහන සේවකයින් පිරිසක් එවීමට පියවර ගෙන ඇත.

කඩා වැටුණු ගොඩනැගිලි තුල සිරවී සිටින පිරිස් සෙවීම සඳහා විශේෂ පුහුණුව ලැබූ නිල සුනඛයින් ද යොදා ගෙන ඇති බව සඳහන්.