Sunday, May 5, 2024

General line - 0115112241

75 වන නිදහස් දින උත්සවයට සමාගාමිව ජාතික තරුණ චිත්‍රපට උළෙලක් සංවිධාන කෙරේ




තරුණ සිනමාකරුවන් සදහා ජාතික වේදිකාවක් සකසාදීමේ අරමුණින් 75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික තරුණ චිත්‍රපට උළෙලක් සංවිධාන කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන එම වැඩසටහන “ජාතික තරුණ වේදිකාව” යටතේ සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

“අපේ අලුත් කතා” යන තේමාව යටතේ ලබන අගෝස්තු මාසයේදි මෙම ජාතික තරුණ චිත්‍රපට උළෙල පැවැත්වීමට නියමිතයි. පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව සිනමාකරණය වෙත යොමු කිරීම සදහා දිරිගැන්වීම සිනමාකරණය පිළිබද කළාත්මක සහ තාක්‍ෂණික දැනුම බෙදාදීම, ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයට යාවත්කාලීන වූ මුහුණුවරක් ලබාදීම එම ව්‍යාපෘතියේ අරමුණයි. 

මෙම චිත්‍රපට උළෙලට අනුබද්ධව ජාතික තරුණ කෙටි චිත්‍රපට තරගයක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාසල් සහ වයස අවුරුදු 18 - 27 අතර යන කාණ්ඩ දෙක ඔස්සේ සංවිධාන කෙරෙන එම කෙටි චිත්‍රපට තරගය සදහා කෙටි චිත්‍රපට භාර ගැනීම මේ මස 20 වනදා සිට ආරම්භ වනවා.

චිත්‍රපට භාර ගැනීම මැයි මස 23 වනදායින් අවසන් කිරීමට නියමිතයි. මෙම තරගයට අදාළ රීති සහ කොන්දේසි ඉදිරියේදී ජාතික තරුණ වේදිකාව වෙබ් අඩවියෙන් සහ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළා.