Sunday, May 5, 2024

General line - 0115112241

මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීමක් - සජබය කියයි




පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අදත් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය පහසුකම් ලබාදීම රජයේ ප්‍රධාන වගකීමක් වන බවයි. 

නිදහස ජනතා සභාව කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පිරීස් ද පළාත් පාලන ආයතන ඡන්ද විමසිම සම්බන්ධයෙන් අදහස් පළ කළා.