Friday, April 26, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ නව සභාවාරය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීමට සජබෙන් තීරණයක්




හෙට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී නොවීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ පාර්ලිමේන්තුව වාර අවසාන කර නව සැසිවාරයක් ආරම්භ කිරීමේ තීරණය පිටුපස වෙනත් න්‍යාය පත්‍රයක් පවතින බවයි. 

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් ඇතිවන තත්ත්වයන් පිළිබඳව ද පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක අදහස් පළ කළා. 

මේ අතර නිදහස ජනතා සභාව ද පාර්ලිමේන්තුවේ නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් ඊයේ ප්‍රකාශ කළේ.

නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. පෙරවරු 10 ට  ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.