Wednesday, May 8, 2024

General line - 0115112241

තුර්කි භූමිකම්පාවෙන් අතුරුදන් වූ පාපන්දු ක්‍රීඩකයා 




තුර්කියට බලපෑ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භූමිකම්පාවෙන් ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ක්‍රිස්ටියන් අට්සු නම් මෙම පාපන්දු ක්‍රීඩකයා ඝානා ජාතිකයෙකු වන අතර ඔහු වර්ථමානයේ නිව්කාස්ට්ල් පාපන්දු සමාජයේ ක්‍රීඩකයෙකු ද වනවා. තුර්කි සුපර් ලීග් පාපන්දු තරගාවලියට සහභාගිවීමට පැමිණි අට්සු මෙලෙස රැඳී සිටි ගොඩනැගිල්ල භූමිකම්පාවෙන් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙම පාපන්දු ක්‍රීඩකයා සමග සිටි තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ පුහුණු අංශයේ නිලධාරියෙකු ගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් හට හැකිවී තිබුනත් ක්‍රිස්ටියන් අට්සු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

පසුගිය ඉරිදා තුර්කි සුපර් ලීග් පාපන්දු තරගාවලියේ පැවති තරගයේදී ක්‍රිස්ටියන් අට්සු තමන් නියෝජනය කරනු ලබන Hatayspor කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහි ගෝලය වාර්තා කිරීමට සමත් වූ බවද එරටින් ලැබෙන වාර්තා සඳහන් කර සිටියි.

තුර්කියට බලපෑ භූමිකම්පාවෙන් මේ වන විට එරට මෙන්ම අසල්වැසි සිරියාවේ පුද්ගලයින් 4,300කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.