Saturday, April 27, 2024

General line - 0115112241

IMF ණය ලබාගන්න පැරිස් සමාජයේ සහය දෙයි




ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක ණය සහනය ලබාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතික පැරිස් සමාජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම චීනයද මේවනවිට ශ්‍රී ලංකාවට සහය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට අයි එම් එෆ් ණය සහනය ලබා ගැනීමේදී මෙරට ප්‍රධාන විදේශීය ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුවහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය ස්ථාවරය විමසීම සිදුකරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන ලබාගැනීම සඳහා එය අත්‍යවශ්‍ය සාධකයක්. ඒ අනුවයි ඉන්දියාව සහ චීනය ලංකාවට සහය ලබා දෙන බව ප්‍රකාශයට පත් කර ඇත්තේ.

මේ අතර අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ණය හිමි රටවල් එම ණය නොගෙවීම සම්බන්ධයෙන් මේවනවිට ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරා ඇති බවයි.