Thursday, May 9, 2024

General line - 0115112241

13ට විරෝධය පා භික්ෂූන් වහන්සේ 5,000 ක් අද කොළඹට




13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් සඟ සමුළුවක් පැවැත්වෙන බව ත්‍රෛනිකායික භික්ෂු එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනවා.

මෙම සමුළුව සඳහා 5,000 කට ආසන්න ස්වාමීන් වහන්සේලා පිරිසක් එක්වන බවයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ. 

රට තුළ පවතින ගැටළුවලට විසඳුම් සෙවීමකින් තොරව නැති ප්‍රශ්න නිර්මාණය කර ආරවුලක් නිර්මාණය කිරීමට වත්මන් පාලකයින් උත්සහ දරන බවයි ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ.